මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මහජන සම්බන්ධතා නිලධාරී සමීර මනහර මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ. සමීර මනහර මහතා ඇතුළු සිවුදෙනෙකු ගමන්ගත් ජීප් රථයේ මත්ද්‍රව්‍ය තිබූ බවට චෝදනා කරමින් පසුගියදා (05දා) පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් ඔවුන් අත්අඩංගුවට ගැනීමේ සිදුවීම පදනම් කරගනිමින් යහපාලන ආණ්ඩුවේ කීර්තිනාමයට කැළලක් ඇති කීරීමට ඇතැමුන් උත්සාහ ගන්නා බව පවසමින් හෙතෙම ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යවරයාට යොමුකර ඇත.
මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයා හැරුණු විට අනිකුත් තිදෙනා ඊට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී නොමැති බවත්, පළමු සැකකරු ගමන්ගත් වාහනයේම ඔවුන් තිදෙනා ගමන්ගත් බැවින් ඔවුන්ද අත්අඩංගුවට ගත් බවත් ගල්කිස්ස අධිකරණයට පොලීසිය විසින් කරුණු දක්වා ඇති බවද සමීර මහතාගේ ලිපියේ සඳහන් වේ.
කෙසේ වුවද මෙම සිදුවීමට අදාළ නීතිමය ක්‍රියාමාර්ග අවසන් වී තමා නිර්දෝෂී පුද්ගලයකු ලෙස නියෝගයක් ලැබෙනතුරු මංගල සමරවීර අමාත්‍යවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරී තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කළ බවද හෙතෙම දන්වා ඇත.
ඉල්ලා අස්වීමේ ලිපිය සමග නිල වාහනය සහ රාජකාරි ලිපිලේඛන සියල්ල අමාත්‍යාංශ ලේකම්වරයාට ලබාදුන් බවද එම ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් වේ.