මංගල සාරිපොට එසවීමට පාසල් සිසුන් යොදාගැනීමේ විමර්ශන වාර්තාව නීතිපතිට
මහනුවර ගන්නොරුව ප්රදේශයේ මංගල උත්සවයක් සඳහා පාසලු ළමුන් 250 දෙනෙකු සහභාගී කර ගැනීම පිළිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කළ විමර්ශනයේ වාර්තාව නීතිපති උපදෙස් පතා නීතිපති දෙපාර්තමේන්තුවට වෙත යොමු කර තිබේ.
ළමුන්ව එම මංගල උත්සවය සඳහා යොදාගනිමින් ඔවුන්ව හිංසනයට ලක්කළ බවට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය සිදුකර ඇත.
මේ සඳහා 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්රහයේ සංශෝධන පනතේ 308 (අ) වගන්තියට අනුව නඩු පැවරීමේ හැකියාව පිළිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් නීතිපතිවරයාගෙන් උපදෙස් විමසා සිටියි.
කිසිදු කටයුත්තක් සඳහා ළමුන්ව හිංසනයට ලක්වන අයුරින් භාවිත කිරීම, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අනුමත නොකරන බවත් එවැනි හිංසන සිදුවීම් පිළිබඳව වහාම 1929 ශ්රී ලංකා ළමා දුරකථන සේවය අමතා පැමිණිලි කරන ලෙසද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් ඉල්ලා සිටී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

