දිවයිනෙන් දැනට බැහැරව සිටින එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා යළිත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ ලබන 13දා බ්‍රහස්පතින්දා බව 'අද' පුවත්පතට වාර්තා වේ.
පසුගිය 05 වැනිදා සිංගප්පූරුව බලා පිටත් වූ මංගල සමරවීර මහතා අද (10දා) දිනයේදීත් සිංගප්පූරුවේ රැඳී සිටින බවට මංගල සමරවීර මහතාට සමීප ආරංචි මාර්ග වලින් වාර්තාවේ.
මේඅතර, ඔහු ඉතා කෙටි සංචාරයක් සඳහා එංගලන්තය බලා පිටත්ව යෑමට නියමිතව ඇති බවද එහෙත් එය අද සවස්වරුවේ දී සිංගප්පූරුවේ දී පැවැත්වෙන විශේෂ දේශපාලන සාකච්ඡා කීපයකින් පසු තීරණය වනු ඇති බවට ද ඉතා විශ්වාසවන්ත ආරංචිමාර්ග මගින් 'අද' පුවත්පතට වැඩිදුරටත් වාර්තාවේ.
මේ අතර, ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා ද අද(10දා) දහවල් කාලයේ දී දින දෙකක කාලයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව යෑමට නියමිතව තිබේ. සරත් ෆොන්සේකා මහතා සිංගප්පූරුව බලා පිටත්වයන්නේ ඔහුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට බවද සඳහන්වේ.