"ස්වාමීන් වහන්සේලට විවිධ ගැටලු තියෙනවා. අධිකරණයට ගිහිත් විවිධ අවස්ථාවල ස්වාමින් වහන්සේලා විවිධ අපහසුතාවන්ට ලක්වෙනවා. අනවශ්‍ය දේ නිසා චීවරයට අගෞරව වෙනවා. මේ නිසා අපි අධිකරණ අමාත්‍යවරයා සමග කතා කර ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් අධිකරණ පද්ධතියක් ස්ථාපිත කරනවා. එය ඉක්මනටම කිරීමට හැකිවේවි" යැයි අමාත්‍ය කරු ජයසූරිය මහතා කීවේය.
සියම් මහ නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහ ලේඛකාධිකාරී අධිකාරි ගෞරව ශාස්ත්‍රවේදි ඕමාරේ කස්සප හිමියන්ට එම නිකායේ අනුනායක පදවිය පිරිනැමීම හා අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කනත්තගොඩ සද්ධාරතන හිමියන්ට අධිකරණ සංඝනායක ධුරය පිරිනැමීමට ඊයේ (18දා)සවස මාතර රන්දූපත ශ්‍රී රෝහණ මංගල උපෝසථාගාරයේදී පැවති උත්සවයේදී අමාත්‍යවරයා මෙම කරුණු අණාවරණය කළේය.