ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ අනුරාධපුර සඳහිරු සෑයේ ධාතු තැන්පත් කිරීමේ උත්සවයට තමන් වහන්සේගේ විහාරස්ථානයෙන් භික්ෂූන් වහන්සේලා 08 නමක් ලබාදෙන ලෙසට පොලීසියෙන් ලිපි 5 ක් ලැබුණු බවත්, ඒ අනුව අකැමැත්තෙන් වුවත් එම භික්ෂු පිරිස සැපයීමට සිදුවූ බවත් එක්සත් භික්ෂු පෙරමුණේ ප්රධාන ලේකම් බෝපිටියේ ධම්මිස්සර හිමියෝ පැවසූහ.
තමන් වහන්සේ ඇතුළු එක්සත් භික්ෂු පෙරමුණ පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාගේ ජයග්රහණය වෙනුවෙන් වැඩ කළද, මනුස්සකම සලකා බලා භික්ෂූන් වහන්සේලා අට නමක් පිටත් කර හැරි බව ධම්මිස්සර හිමියෝ සඳහන් කළහ.
කොළඹ පුස්තකාල ප්රලේඛන සේවා මණ්ඩලයේදී අද (25දා) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව පැවසූහ.