අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය අද (11දා) පස්වරු 5.00 සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි පාලන අධිකාරිය තීරණය කළේය.
අනුරාධපුර භික්ෂූ විශ්වවිද්‍යාලයෙහි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට හා පන්ති තහනමට ලක්කිරීම්වලට විරෝධය පළකරමින් භික්ෂූන් වහන්සේලා කලහකාරී ලෙස හැසිරෙමින් පන්ති වර්ජන සිදුකළහ.
ඒ හේතුවෙන් අනුරාධපුර භික්ෂූ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහෝපාධ්‍ය මහාචාර්ය තුඹුල්ලේ සීලක්කන්ද නාහිමියන් ඇතුළු පාලන අධිකාරිය අනුරාධපුර භික්ෂූ විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කර තිබේ.