භාවිතයට නොගන්නා දුම්රිය මැදිරි යොදාගමින් ඒවා සංචාරක නවාතැන් අවශ්‍යතා සඳහා යොදා ගැනීමට රජයේ අවධානය යොමුව තිබේ.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මෙම සංකල්පය හඳුන්වා දී ඇත. භාවිතයට නොගන්නා දුම්රිය මැදිරි අලුත් වැඩියා කර කොළඹ, මහයියාව, නානුඔය, අඹේවෙල ඇල්ල හා දොඩන්දූව යන දුම්රිය ස්ථානවල භාවිතයට යොදානොගන්නා ඉඩම්වල මෙම දුම්රිය මැදිරි ස්ථානගත කිරීමට නියමිතය.
මේ හරහා දුම්රිය දෙපාර්තමේන්තුවට අමතර ආදායමක් ලබාගැනීමටද අපේක්ෂිතය.