තලාහේන ප්රදේශයේ වෙළෙඳ සැලක දිගින් දිගටම සිදුවූ භාණ්ඩ සොරකමක් පිළිබඳව තලංගම පොලීසිය විසින් හෙළිකරගෙන තිබේ. ඒ අනුව සොරකමේ යෙදුණු සැකකාරියන් තිදෙනෙකු සහ බාලවයස්කාර පිරිමි ළමයෙකු අත්අඩංගුවට පත්ව තිබේ.
වෙළෙඳ සැලේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා සටහන් පරීක්ෂා කිරීමේදී සැකකාරියන් ඇඳ තිබූ ගවුමට යටින් සවිකරන ලද මල්ලකට භාණ්ඩ දමාගන්නා අයුරු සටහන් වී තිබී ඇත.
සොරකම් කරන ලද කිරිපිටි පැකට්,සුවඳ විලවුන්,චීස්, හිසකේ ආලේප කරන ඩයි වර්ගඇතුළු භාණ්ඩ රාශියක්දමෙසේ සොයාගැනීමට හැකිවී ඇත.
තිලක් ඇල්විටිගල