ථේරවාදී භික්ෂු කතිකාවත් නමින් රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් අද(18දා) උදෑසන ශ්‍රේඨාධිකරණය ඉදිරියේ පෙත්සමක් ගොනුකළ බව පිවිතුරු හෙළ උරුමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.
මෙම පනත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) 12(2) වගන්ති උල්ලංඝනය කිරීමක් සිදුව ඇති බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතුබවත් එහිදී සඳහන් කළ බව මන්ත්‍රීවරයා කීය.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේශ්රේෂ්ඨාධිකරණ නිර්ණය 1/ 2016 හෝ SD/1/2016 යටතේ එම පෙත්සම ගොනුකළ බවත්, ලබන සතියේදී එය ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිත බවත්ය.
පිටකෝට්ටේ පාගොඩ පාරේ පිහිටි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙම පනත් කෙටුම්පතට එරෙහිව දැනට පෙත්සමක් ගොනුකර ඇත්තේ ඔහු පමණක් බවයි.