බෞද්ධ ආගමික සිද්ධස්ථානවලට පහසුකම් සැලසීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බෞද්ධ පුනරුද අරමුදලක් පිහිටුවීමට තීරණය කර තිබේ.
වාර්ෂික අයවැය තුළින් සිද්ධස්ථානවලට මුදලක් ලබාදුන්නද බොහෝ විහාරස්ථාන හා පිරිවෙන්වල පවතින ගැටලු විසඳා ගැනීමට නොහැකි වීම නිසා මෙම අරමුදල හරහා ප්‍රතිපාදන සැලසීමට සැලසුම් කර ඇත.
දැනට රට තුළ විහාරස්ථාන 12,150 ක් තිබෙන අතර විහාරස්ථාන 750 ක පිරිවෙන් හා ආරණ්‍ය සේනාසන 150 ක්ද තිබෙන බව රජය සඳහන් කරයි
.