බෝම්බ බියක් හේතුවෙන් කැනඩාවේ ප්‍රින්ස් එඩ්වඩ් පළාතේ සියලු පාසල් හදිසියේ වසා දැමීමට කටයුතු කර ඇති බව රාජකීය කැනේඩියානු පොලීසිය පවසයි.
මෙසේ සියලු පාසල් වසා දමමින් සිසුන් ආරක්ෂිත ස්ථාන කරා යොමුකිරීමටත්, එම ආරක්ෂිත ස්ථානවලින් පසුව දෙමවුපයන්ට තම දරුවන් ලබාගැනීමට හැකියාව පවතින බවත් පොලීසිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
මෙසේ දරුවන් ආරක්ෂිත ස්ථාන කරා යොමුකිරීමට පොලීසිය විශේෂ බස් සේවාවක් යොදාගෙන ඇති බවද විදෙස් වාර්තා පවසයි.
ප්‍රින්ස් එඩ්වඩ් යනු කැනඩාවේ කුඩාම පළාත ලෙස සැලකෙන අතර, එම පළාතේ ජනගහනය 146,000ක් පමණ වෙයි.
පළාතේ පාසල් වසාදමන අවස්ථාවේදී නෝවා ස්කෝටියා විශ්වවිද්‍යාලයද ආරක්ෂිත හේතූන් මත වසා දමා ඇති බවද පොලීසිය කියයි.
එමෙන්ම, හෝලිෆික්ස් විශ්වවිද්‍යාලය, මාර්කෝනි විශ්වවිද්‍යාලය සහ කේබ් බ්‍රෙටොන් යන විශ්වවිද්‍යාලවලද සිසුන් ඉවත්කර ඇති අතර, එම විශ්වවිද්‍යාල සිසුන් ඉවත් කිරීම යම් තර්ජනයක් හේතුවෙන් සිදුකළත්, එය කුමන ආකාරයක තර්ජනයක්ද යන්න අනාවරණය කර නොමැත.
ඒ අනුව, සමස්තයක් ලෙස එම පළාතේ පාසල් හා විශ්වවිද්‍යාල 60ක් පමණ හදිසියේ වසා දැමීමට බලධාරීන් කටයුතු කර ඇත.