කයිරෝ නුවර සිට බීජිං දක්වා ගමන් කරමින් තිබූ ඊජිප්තු එයාර් ගුවන් යානයක බෝම්බයක් පවතින බවට වූ තොරතුරක් හේතුවෙන් එම යානය හදිසියේ උස්බෙකිස්තානය වෙත ගොඩබස්වා තිබේ.
මගීන් 118 ක් හා කාර්ය මණ්ඩලයේ 17 දෙනෙකු සිටි එයාර්බස් ඒ320-220 වර්ගයේ යානය උස්බෙකිස්තානයේ උර්ජෙන්ච් ජාත්‍යන්තර ගුවන් තොටුටෙපාළ වෙත ගොඩබැස්වූ අවස්ථාවේදී එහි සිටි සියලු දෙනා ආරක්ෂිතව ඉන් පිටතට ගෙන තිබේ.
අනතුරුව, උස්බෙකිස්තාන ආරක්ෂක අංශ විසින් යානය තුළ පූර්ණ සෝදිසි කිරීමක් සිදුකළත් එහි තිබී කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් හමුවී නොමැත.
මීට සති තුනකට පෙර පැරීසියේ සිට කයිරෝ දක්වා ගමන් කරමින් සිටියදී පුද්ගලයන් 66 දෙනෙකු රැගත් ඊජිප්තු එයාර් යානයක් මධ්‍යධරණී මුහුදට කඩා වැටීම හේතුවෙන් එහි සිටි සියලු දෙනා ජීවිතක්ෂයට පත්වූහ.