පුත්තලම සහිරා ජාතික පාසලේ 23 වැනිදා ඉහළ පෙළේ ප්රභූවරයෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇති උත්සවයකදී මිනිස් බෝම්බයක් පුපුරුවා හැරීමේ තැතැක් ඇති බවට පුත්තලම පොලීසියට ලැබී ඇති ඉංග්‍රීසි ලිපියක් පිළිබඳව පුත්තලම පොලීසිය පරීක්ෂණ මෙහෙයවයි.
එම ප්‍රදේශයේම සිසුවකු බව පවසා තැපැල් මගින් පුත්තලම පොලිසියට අද දින ලිපිය යොමු කර තිබේ.
වහාම ක්‍රියාත්මක වු පොලිස් නිලධාරින් සිසුවාගේ පාසලට ගොස් පරික්ෂණ ආරම්භ කර තිබේ.
නමුත් එම පරික්ෂණ වලදි හෙළිව ඇත්තේ මෙම සිසුවාට පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක ධුරය ලබාදීමේ සුදානමක් තිබිම නිසා එයට ඊර්ෂ්‍යාවෙන් ඔහුව අපහසුතාවයට පත් කිරිමටත් ඔහු පොලිස් අත්අඩංගුවට පත් කිරිමේ අදහසිනුත් මෙය කර ඇති බවයි .