බොරෝබුදුර් විහාරයට ප්‍රහාරයක් වුණොත් වගකීම ඇමෙරිකාවටයි - ජානිපෙ
ලොව විශාලතම බෞද්ධ විහාරය ලෙස සැලකෙන බොරෝබුදුර් විහාරයට ප්‍රහාරයක් එල්ල වුවහොත් එහි වගකීම ‘ ISIS අන්තවාදය’ බිහි කොට, පෝෂණය කළ ඇමෙරිකා එක්සත් ජනපදය භාර ගත යුතු යැයි ජාතික නිදහස් පෙරමුණ පවසයි.
අද (31) කොළඹ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ සඳහන් කළේය.
‘‘ස්ලැට්ෆෝම් නම් වෙබ් අඩවියෙන් සහ ෆේස්බුක් හරහා ලොව විශාලතම බෞද්ධ විහාරය ලෙස සැලකෙන බොරෝබුදුර් විහාරයට ප්‍රහාරයක් එල්ල කරන බවට ISIS අන්තවාදී සංවිධානය ප්‍රකාශ කොට තිබුණා. මේ ප්‍රකාශය ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකය පුරා සාමය සහ සහජීවනය මෙන්ම ඓතිහාසික උරුමයන් අගය කරන බෞද්ධ ආගමිකයන්ගේ පමණක් නොව සියලූ ආගමිකයන්ගේ දැඩි පිළිකුළට හා විවේචනයට ලක් වුණා.
ඇමෙරිකා එක්සත් ජනපදය හා බි්රතාන්යය ඇතුළු බටහිර රටවල් ඉරාකයේ තෙල් සම්පත කොල්ලකෑමට එය ආක්‍රමණය කළා. සදාම් හුසේන්ව එල්ලලා මැරුවා. කැරලිකරුවන්ට නවීන ආයුධ, රථ වාහන දීලා ඔවුන් පෝෂණය කරමින් තමයි සදාම් හුසේන් මරා දැම්මේ. ඇමෙරිකා එක්සත් ජනපදය, ISIS සංවිධානයට ආධාර දුන් ආකාරය ලොවටම අනාවරණය වී අවසන්. ISIS සංවිධානය, ඇමෙරිකා එක්සත් ජනපදයේ අන්තවාදී නිර්මාණයක් බව ඉතා පැහැදිලියි.” යනුවෙන් මුසම්මිල් මහතා පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

