කතානායක චමල් රාජපක්ෂ මහතා සහ තමා සම්බන්ධයෙන් පැතිරී යන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නැති බවත්, එකිනෙකා අතර මතබේද ඇතිකරවීමට සමහරු අසත්‍ය කතා පතුරුවන බවත් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජක්ෂ මහතා පැවසීය.
"අපේ තාත්තා ගැන මම දන්නෙ නැහැ. ඔය එකඑක්කෙනා බොරුවට කොටවන්න දාන ඒවා. අපි ගම්වල වැඩ මේ දවස්වල. ඒකයි මේ පැත්තකට වෙලා ඉන්නෙ. එහෙම නැතිව කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට මැතිවරණ වගකීම් භාරදී තිබෙනවා. ඒවා අපි කරගෙන යනවා" යනුවෙන් හෙතෙම පවසා සිටියේය.
චමල් රාජපක්ෂ මහතා ඉදිරියේදී සිය පාර්ලිමේන්තු දිවියෙන් සමුගන්නා බවට තොරතුරු වාර්තා වූ අතර ඒ පිළිබඳව කළ විමසුමකදී හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේය.