ගෙල වැළලාගෙන සිටින දර්ශනයක් ලැප්ටොප් පරිගනකයකින් වීඩියෝ කිරීමට උත්සහා කළ බවට සැක කරන පාසල් සිසුවෙකුගේ මල සිරුරක් ගලේවෙල තලකිරියාගම කිරලගොල්ල ප්රදේශයේ නිවසක කාමරයක තිබී අද (04දා) සොයාගත් බව ගලේවෙල පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ උසස්පෙළ විභාගයට ඉගෙන ගන්න පාසල් සිසුවක් වන ක්රිෂාන් දිල්හාන් (17) අයයි. මව හා පියා නිවසේ නැති අවස්ථාවක පරිගණකය පුටුවක් උඩින් තබා ක්රියාත්මක කර ඊට ඉදිරිපිටින් සිසුවා ගෙල වටා තුවායක් හා රෙදි වලින මසන ලද ඝනකම පා පිස්නක්ද ඔතා ලනුවක් ගෙලේ ගැටගසා කාමරයේම වහලේ එල්ලී ඇති බව පොලිසිය කියයි.
දඹුල්ල වැඩ බලන මහේස්ත්රාත් ජයම්පති රත්නදිවාකර මහතා පැමිණ පරික්ෂා කර බලන විට ලැප්ටොප් පරිගනක රහස් අංකයක් යොදා ඇතුල්වීම වළකා තිබීම නිසා එය විවෘත කර අධිකරණයට දන්වන ලෙස නියෝග කරන ලදී.
මියගිය සිසුවාගේ පියා වන උපාලි ජයලත් මහතා කියා සිටියේ තම දරුවා ට සියදිවි හානි කර ගැනීමට තරම් කිසිදු ප්රශ්නයක් නොතිබූ බවයි. ඔහු නිතර තනිව සිටීමට කැමැත්තක් දක්වන සිසුවෙක් බවද කියයි.