නුතන ශ්‍රීලංකාවට අවශ්‍ය සියලුදෙනා පිලිගන්නා ව්‍යවස්ථා දරුවකු බිහිකිරීමට සුදානම්වන මේ මොහොතේ ජනතාව අතර බොරු ව්‍යවස්ථා බිල්ලකු මැවීමට කටයුකු නොකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(09දා) පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.
විදේශ උපදෙස් අණුව ආණුඩුක්රම ව්‍යවස්ථාවක් හදන්න යනවා යැයි විපක්ෂයේ ඇතමුන් වැරදි ප්‍රචාර ගෙන යමින් රටේ අවුල් ඇති කරන බවත් රටට ගැලපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමට විදෙස් සහාය හා උපදෙස් අවශය නොවන බවත් ජනාධිපතිවරයා කීවේය. එවැනි අවුල් ඇති නොකරන ලෙසත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා සිටියේය.
උතුරේ ජනතාව ඒකීය වචනයට බය වී ඇති මෙන්ම දකුණේ ජනතාව ෆෙඩරල් යන වචනයටත් බය වී අති බවත් උතුරේ සහ දකුණේ අන්තවාදීන් මෙම වචන වලින් ප්‍රයෝජනය ගන්නා බවද ජනාධිපතිවරයා පැවසීය.
විධායක ජනපති ක්‍රමය නිසා තිස් අවුරුදු යුද්ධය නිමා කිරීමට හැකි වූවාය යන්න මතයක් පවතින එය අරමුණු කරගනිමින් එය අහෝසි නොකරන්නේ අනාගතයේ යුද්ධයක් බලාපොරොත්තුවෙන්දැයි හෙතෙම ප්‍රශ්න කළේය.