මැතිවරණ කොමිෂම පත්කළේ තම පිරිස බවත් එනිසාවෙන් පට්ටපල් බොරු නිකියා පළාත් පාලන මැතිවරණය නියමිත දිනට පැවැත්වීමට වහාම කටයුතු කරන ලෙස මැතිවරණ කොමසාරිස් සහ රජය කටයුතු කළ යුතු බව මහජන එක්සත් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පැවසීය.
ඒකාබද්ධ විපක්ෂය, ඊයේ(16) කඩවතදී පැවැත් වූ සම්මන්ත්‍රණයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කීය.
ජාතික සංවිධාන එකමුතුවේ නියෝජිත පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්ද මෙහිදී මෙසේ පැවසීය. විදේශිකයෝ වැළනොකැඩි මෙහෙට එනවා. එක නායකයෙක් අපේ මහානායන හාමුදුරුවෝ හමුවෙන්ව යනවාද. නමුත් උතුරට යනවා වෙන වෙන අය හමුවෙනවා. රටට ද්රෙහි වෙනකොට මහජනතාව පාරට බහින දිනය වැඩි ඇතක් නැහැ.