හංවැල්ල තුන්නාන ප්‍රදේශයේ උද්ඝෝෂණයක් මැඬපැවැත්වීමට කටයුතු කිරීමේදී ගසකට යටවී මිය ගිය බොරැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසාද් සිරිවර්ධන මහතා මාර්තු 16 වැනි දින සිට පොලිස් අධිකාරී තනතුරට උසස්වීමක් ලබාදී ඇත.
ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසාද් සිරිවර්ධන මහතා, සහකාර පොලිස් නිලධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයකටද මුහුණ දී ඇති අතර, වසර 25 ක රාජකාරී ජීවිතය තුළ ප්‍රශංසා 451 ක් හිමිකරගෙන තිබේ. මෙම නිලධාරියාට පොලිස් අධිකාරී තනතුර පිරිනමන ලෙස නිර්දේශ කර තිබෙන්නේ නීතය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් නන්ද මල්ලවආරච්චි මහතාය.