දෙමළ සන්ධානය, මුස්ලිම් සන්ධානය ආදී විවිධ දේශපාලන පක්ෂ රට තුළ තිබෙන බැවින් බොදුබල සේනාව, සිංහල සන්ධානය නමින් දේශපාලන පක්ෂයක් ආරම්භ කරන බවද, මංමුළා වූ නායකයන්ට මේ රටේ නායකයන් වීමට ඉඩ නොදෙන බවත්, බොදුබල සේනා සංවිධාන මහලේකම් ඥානසාර හිමියෝ පැවසූහ.
එසේ රටේ නායකයන් හදන්නේ බොදුබල සේනා සංවිධානය බවත්, උන්වහන්සේ පැවසූහ. අද (07 දා) පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ ප්‍රකාශ කරන ලද්දේ නායකයන්ට හැදෙන්නට මේ කාලය ලබාදෙන බවත්, ඔවුන් හැදෙන්නේ නැතිනම් තමන් ක්‍රියාත්මක වන බවත්ය.