බොකෝ හරාම් පැහැරගත් දැරියන් යුද පෙරමුණට යවලා
බොකෝ හරාම් ත්‍රස්ත සංවිධානය විසින් පැහැරගන්නා ලද ගැහැණු දරුවන් හා කාන්තාවන් ඉදිරි ආරක්ෂක වළල්ලේ සටන් වදින සටන්කාමීන්ගේ සහායට යවා ඇති බව වාර්තා වෙයි.
2009 වසරේ සිට නයිජීරියාව තුළ ත්‍රස්තවාදය වපුරුවා ඇති බොකෝ හරාම් සංවිධානය මේ දක්වා ගැහැණු දරුවන් හා කාන්තාවන් 500ක් පමණ බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් තිබේ.
පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදීද මොවුන් ගැහැණු දරුවන් 30 දෙනෙකු පැහැරගනු ලැබුවේ, රජය සමග සටන් විරාමයක් පවතින බව පවසා තිබියදීය.
මේ අතර, ඔවුන් පාලනය කරන නයිජීරියාවේ ඊසානදිග නයිජීරියාව ආශ්‍රිතව ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවා ඇති බවද බොකෝ හරාම් සංවිධානය පවසයි.
මොවුන්, පැහැරගත් ගැහැණු දරුවන් හා කාන්තාවන් මෙසේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සහායට යොදවා ඇති බව පැවසුණේ ඔවුන්ගෙන් මිදී පලා ආ දැරියන් කිහිප දෙනෙකු පැවසූ තොරතුරු අනුවය.
පසුගිය කාල වකවානුව බොකෝ හරාම් ප්‍රහාර උග්‍ර වූ කාලයක් ලෙස සැලකෙන අතර, 2013 මැයි මාසයේ සිට ඔවුන්ගේ ප්‍රහාරවලින් මියගිය සාමාන්‍ය වැසියන් ප්‍රමාණය 4,000 ඉක්මන බව කියැවෙයි.
2014 පළමු වැනි අර්ධය තුළ පමණක් ඔවුන් අතින් ජීවිතක්ෂයට පත්වූ පිරිස 2,053කට වැඩිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

