මහ වැසි සමග බොරැල්ල බේස්ලයින් පාරේ වාහන මතට ගස් කඩා වැටී ඇතැයිද ඒ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ඇතිවී ඇතැයිද පොලිසිය කියයි.
ගිනි නිවන හමුදාව එහි ළඟාවෙමින් සිටින බවත් වාර්තා වෙයි.
ගසක් කඩා වැටෙද්දී යතුරුපැදියකින් ගමන් කළ කැලණිය ප්රදේශයේ පුද්ගලයෙකු ඊට යටවී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බවත් වාර්තා වෙයි.