එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් පිරිසක් අතර ඊයේ (29දා) බේරුවලදී ඇති වූ ගැටුමට සම්බන්ධ බවට සැක කෙරෙන 15 දෙනෙක් හා යතූරුපැදි 30ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.
මෙම ගැටුමෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් තිදෙනෙකු තුවාල ලබා බේරුවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සදහා නාගොඩ රෝහලට මාරු කර යවා ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (30දා) කළුතර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බවත් පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පවසයි.