කෝට්ටේ කල්යාණි සාමාග්රි මහා සංඝ සභාවේ මහානායක අග්ගමමා පණ්ඩිත බෙල්ලන ශ්රී ඥාණවිමල මහ නාහිමියන් අද (05දා) පෙරවරුවේදී අපවත්වූහ.
නාහිමියන් අපවත්වන විට 95වැනි වියෝ පසුවූහ. උන්වහන්සේ කොල්ලුපිටිය වාළුකාරාමයේදී අපවත්වූහ.
බුද්ධ ශාසනය වෙනුවෙන් ඉමහත් සේවයක් කළ උන්වහන්සේ අනගාරික ධර්මපලතුමාගේ ධර්ම දූත මෙහෙවර ඉදිරියට පවත්වාගෙන ගියහ.
උන්වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 07දා නිදහස් චතුරස්රයේදී සිදුකිරිමට නියමිතය.