බෙල්ලන මහ නාහිමි ආදාහන පූජෝත්සවය අද
- 7 10 2014
- 08:29
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
අපවත් වී වදාළ කෝට්ටේ කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බෙල්ලන ශ්‍රී ඥානවිමල මහ නායක හිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය අද (07දා) සවස කොළඹ නිදහස් චතුරස්‍රය අබියසදී සිදුකිරීමට නියමිතය.
කොල්ලුපිටිය වාළුකාරාමයේ වැඩ සිටියදී අපවත් වී වදාළ උන්වහන්සේ අපවත් වනවිට 95 වැනි වියේ පසුවූහ.
බෙල්ලන ශ්‍රී ධර්මපාල පිරිවෙනේ පරිවේණාධිපති ධුරය හොබවමින් මෙරට බෞද්ධ ශාසනයට විශිෂ්ට මෙහෙවරක් සිදුකළ උන්වහන්සේ, ලන්ඩනයේ තේමිය භාවනා මධ්‍යස්ථානය මුල් කරගනිමින් ලෝක ධර්ම ධූත සේවාවේද නිරත වූහ.
ධර්මධර, විනයධර ශ්‍රේෂ්ඨ යතිවරයාණන් වහන්සේ නමක් වූ පූජ්‍ය බෙල්ලන මහානායක හිමියන්ට 'අද' අපි නිවන් සුව ප්‍රාර්ථනා කර සිටිමු.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
