තමන් විධායක ක්‍රමය අහෝසි කිරීමට කැමති බවත්, එසේ කිරීමට නම් මුලින්ම බෙදුම්වාදය අත්හැරිය යුතු බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
පිරිවෙන් අධ්‍යාපන පුනර්ජීවන 2014-2015 යන තේමාව මුල්කර ගනිමින් පිරිවෙන් ආචාර්යවරුන්ගේ සහභාගිත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවති හමුවකදී ජනාධිපතිවරයා මෙසේ අදහස් දක්වා සිටියේය.
"මම හිතන්නේ මේ රටේ වර්තමානයේ සිදුවන දේ ගැන වැටහීමක් තිබිය යුතු බව මා විශ්වාස කරනවා. අපි එල්.ටී.ටී.ඊ.ය නැති කළා ඇත්ත. අවුරුදු 30ක් පැවති යුද්ධය නතර වුණා. හැබැයි ඊයෙ එල්.ටී.ටී.යෙ තහනම ඩයස්පෝරාව මැදිහත්වෙලා ඉවත් කරගත්තා. කොටින් එක්ක සාම ගිවිසුම ගහපු අය යුරෝපයේදී ඩයස්පෝරාව හමුවෙලා මේකට උඩගෙඩි දුන්නා. මේ රටේ මාව ඉවත්කර ගැනීමට උවමනාවක් තියෙනවා නම් රට පාවා නොදී එය කරගන්න පුළුවන්. මට තුන්වරක් බැරිය. ජනාධිපතිරවණය කල් දාන්න ඕනෑය කිය කිය මේක මගඅරින්න බැහැ. අපි විපක්ෂයේ ඉන්න කොට අපි ඉල්ලුවෙ මැතිවරණ.
අපි විධායක ක්‍රමය අහෝසි කරන්න ලෑස්තියි. හැබැයි ඒක කරන්න නම් ඉස්සෙල්ලා බෙදුම්වාදය අත අරින්න ඕනෑ." යැයි ජනාධිපතිවරයා පවසා සිටියේය.