ලංකාවට නැගෙනහිරින් කිලෝමීටර් 1700කට දුරින් සිදුවූ අධිපීඩන තත්ත්වය නිසා මේ මස 5, 6, 7 යන තෙදින තුළදී බෙංගාල බොක්ක ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 - 80ත් දක්වා ඉහළ යාහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ නිසා එම දිනවල එම ප්‍රදේශ අවම ධීවර කටයුතුවලින් වැළැකී සිටීමට හැකි නම් එය යහපත් තීරණයක් විය හැකි බව කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා සඳහන් කළේය.
ඇතිව තිබෙන අඩු පීඩන තත්ත්වය ලංකාව තුළට නොපැමිණ බෙංගාල බොක්ක ප්‍රදේශය හරහා ඉන්දියාව දෙසට ගමන් කරනු ඇතැයි අනුමාන කරන බවත්, කෙසේ වුවත් මෙය සුළිකුණාටු තත්ත්වයක්ද යන්න ප්‍රකාශ කිරීමට නොහැකි බවත් හෙතෙම පවසා සිටියේය.
එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් එය නිවේදනය කරන බවත්, එහෙත් පවතින අඩුපීඩන තත්ත්වය නිසා බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය රළුවන බවත් කසුන් පැස්කුවල් මහතා පැවසීය.