එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරියේදී තරග කරන මැතිවරණ වලදී සන්ධානයේ සලකුණ ලෙස අත සලකුණ යොදා ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බව සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.
කුරුණෑගලදී පැවැති පක්ෂ ක්‍රියාකාරී හමුවකදී ඔහු මේ බව අද (26දා) පැවැසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සලකුණ වෙන අත සලකුණ ඉදිරි මැතිවරණ සඳහා සන්ධානයේ ඡන්ද සලකුණ වශයෙන් යොදා ගැනීමට සන්ධානයේ අනෙකුත් හවුල්කාර පක්ෂ සමග සාකච්ඡා කළ බවද ඔහු පැවැසීය.
ඒ සඳහා බහුතරයකගේ කැමැත්ත ලැබුණ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.