බුර්කිනා ෆාසෝ ජනතාව පාර්ලිමේන්තුවට ගිනි තියලා
වසර 27ක කාලයක් කාලයක් බුර්කිනා ෆාසෝ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ බ්ලෙයාසේ කොම්පැඕරේ සිය ධුර කාලය තවදුරටත් දීර්ඝ කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයකට සැරසීම සම්බන්ධයෙන් විරෝධය පළ කළ එරට ජනතාව ඊයේ (30දා) එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගිනි තබා තිබේ.
පාර්ලිමේන්තුවට අමතරව එරට අගනුවර පිහිටි නගර ශාලාව සහ පාලක පක්ෂයේ මූලස්ථානයද මෙම විරෝධතාකරුවන්ගේ ගින්නට හසුව විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
එමෙන්ම, අද සවස් වනවිට එරට ජනාධිපති මන්දිරය වෙතද මෙම විරෝධතාකරුවන් ඇදෙමින් සිටි අතර බුර්කිනා ෆාසෝ ගුවන් තොටුපොළ වසා දැමීමට එරට රජය පියවර ගත්තේය.
එළැඹෙන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට නැවත වරක් මුහුණදීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයකට අවශ්‍ය පාර්ලිමේන්තු ඡන්ද විමසීම ඊයේ එරට පැවති අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එය වළක්වා ඇති බවද විදෙස් පුවත් සේවා පවසයි.
1987 දී හමුදා කුමන්ත්රණයකින් බලයට පත්වූ කැම්පැඕරේ එදා පටන් පැවැති ජනාධිපතිවරණ 4ක් අඛණ්ඩව ජයගත්තේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

