යුද්ධයක් නොමැති රටක් පාලනය කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නොදන්නා බවත්, ජාතිවාදී කෝලාහලයක් ඇතිකරමින් ජනාධිපතිවරයා තෙවැනිවරටත් ජනාධිපති වීමේ සිහිනය සැබෑ කරගැනීමට උත්සාහ කරන බවත්, තමන් බුද්ධි අංශ තොරතුරු හෙළිනොකළ බවත් පාර්ලිමේන්තු මන්ත්රී මංගල සමරවීර මහතා පැවසීය.
මේ රටේ බුද්ධි අංශ සිදුකරන්නේ ඔවුන්ට අදාළ නොවන රාජකාරිය බව සඳහන් කළ මන්ත්රීවරයා මේ බව පැවසුවේ ඊයේ (26දා) පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් රැස්වූ විශේෂ සර්ව ආගමික සාකච්ඡාවේදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්රීවරයා, “මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යුද්ධයක් නැති රටක්, කෝලාහල නැති රටක් පාලනය කරන්න දන්නේ නැහැ. ඔහු යුද්ධයක් ඉවර කළා තමයි. නමුත් යුද්ධය නිමාකර ගත වූ අවුරුදු පහ දෙස බැලුවොත් මොනවද පෙනෙන්නට තියෙන්නෙ. අද ත්රස්තවාදී යුද්ධය අවසන් වුණත් කාන්තාවන් වෙන යුද්ධයක් කරනවා ජීවන වියදම වෙනුවෙන්. හොරකම, මැරකම, ජඩකම සිය්ලල රජ කරනවා.
ජායාරූප- ඉසුරු පෙරේරා