ආගමික වශයෙන් සංස්ථාගත අයිතීන් හා ඒවාට කිසිඳු බාධාවක් ඇති නොවන ආකාරයට අවශ්‍ය වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ආන්ඩුක්රම ව්‍යවස්ථාව තුළ බුද්ධ ශාසනයට ඇති ප්‍රමුඛත්වය ඒ අයුරින්ම ආරක්ෂා කිරීමට කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් හමුවේ ඊයේ (13) පැවැසූහ.
මහා සංඝරත්නයේ දහස් නමක් විෂයෙහි අරලිය ගහ මැදුරේදි මාර්තු 8 වෙනිදා පැවැත්වෙන දානමය පිංකමක් සදහා මල්වතු අස්ගිරි උභය මහා විහාරීය භික්ෂුන් වහන්සේලාට ආරාධනා කිරිම පිණිස අගමැති වරයා පැමිණි අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කලේය.
එක්සත් ඡාතික පක්ෂය ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හෝ මහ ආණ්ඩුව පළාත් සභා වශයෙන් බෙදි වෙන් වි ප්‍රතිඵලයක් නොමැති බවත් අවශ්‍ය වන්නේ පැහැදිලි ප්‍රතිපත්ති බවත් ඡාතික සැලැස්ම අනුව ඒ ඒ පළාත් දියුණු කිරිම බවත් අග්‍රාමාත්‍යවරයා කිය.