අපවත් වී වදාළ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන්ගේ ශ්‍රී දේහය කොළඹ ජයරත්න මල් ශාලාවේ සිට මහනුවරට වැඩම කරවනු ලැබීය.
මැති ඇමතිවරුන්, මහා සංඝරත්නය, මධ්‍යම පළාත් මහ ඇමති, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.
උන්වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 12දා මහනුවරදී සිදු කිරීමට නියමිත අතර එදින ජාතික ශෝක දිනයක් ලෙසද රජය විසින් නම්කොට තිබේ.