- මීට ඉහත අතුරුදන් වූ කාන්තාවන් සිවුදෙනාගෙන් තිදෙනෙක් ගැන තවම තොරතුරක් නැහැ
බුත්තල ප්රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකු ඊයේ (16දා) සිට අතුරුදන් වී ඇති බවට ඔවුන්ගේ සැමියන් විසින් පැමිණිලි කර ඇතැයි බුත්තල පොලීසිය පවසයි.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ බුත්තල, ඌව පැල්වත්ත, හොරබොක්ක ප්රෙදේශයේ පදිංචි 35 හැවිරිදි කාන්තාවක හා බුත්තල, ඔක්කම්පිටිය පාර, 01 කණුව පදිංචි 18 හැවිරිදි කාන්තාවකි.
මීට පෙරද එකම දිනයකදී බුත්තල ප්රදේශයේ කාන්තාවන් සිවුදෙනෙකු අතරුදන් වූ අතර, පසුව එක් තරුණියක පසුදා නිවසට පැමිණ තිබිණි. එම කාන්තාව පොලීසියට පවසා තිබුණේ තම නැන්දම්මා සමග ඇති ආරවුලක් හේතුවෙන් නිවසින් පිටව ගිය බවයි.
අතුරුදන් වූ බව පැවසෙන කාන්තාවන් අනියම් සබඳතා හේතුවෙන් නිවසින් පිටව යන්නට ඇතැයි පොලීසිය සැකකරයි.
සිද්ධිය සම්බන්ධයෙන් බුන්දල පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක එස්.ආර්.ඩී. ප්රනාන්දු මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
මොනරාගල - නයනජිත් බණ්ඩාර