ස්ප්‍රීතු සඳහා අය කරන බදු වලට වැඩි බදු ප්‍රමාණයක් ශ්‍රී ලංකාව බීර වලට අයකරන බව රාජ්‍ය ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි. පාර්ලිමේන්තුවේදි අද (22දා) විවාදයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මේ පිළිබඳව රජය අවධානය යොමුකළ යුතු බවත් ස්ප්‍රීතු සඳහා අයකරන බඳු සංශෝධනය කළ යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. සුරාබදු ආඥා පනත යටතේ ඉදරිපත්වූ නිවේදනයක් පිළිබඳව මෙම විවාදය පාර්ලිමේන්තුවේදී පැවැති අතර එම නිවේදනය පාර්ලිමේන්තුවේදී සම්මත විය.