තමා පැදවූ ඩබල් කැබ් රථය ඊයේ (30දා) රාත්රියේදී අනතුරට ලක්වූ වාර්තා සත්‍ය නමුත් තමා බීමත්ව රිය පැදවූ බවට වාර්තා කරන තොරතුරුවල කිසිඳු සත්‍යතාවක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.
වෙබ් අඩවි කිහිපයක් හා ෆේස්බුක් හරහා රිය අනතුර සිදුවන අවස්ථාවේදී තමා බීමත්ව සිටි බවට අසත්‍ය වාර්තා පළවුවත් පොලීසිය මෙන්ම වෛද්‍යවරයා විසින් සිය වාර්තාවේ එවැනි ස්ථානයක තමා බීමත්ව සිටි බවට සඳහන් කර නොමැති බවත් ඔහු පැවැසීය.
ජනතා විමුක්ති පෙරමුණේ ෆේස්බුක් පිටුවට විජිත හේරත් මන්ත්‍රීවරයාගේ හඩ පටයක්ද එක් කොන තිබේ.
වැරැද්දක් වූ බව පිළිගන්නා බවත් රිය පැදවීමේදී මෙවැනි වැරදි සිදුවෙන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.