(PICTURES) ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අනුරාධපුර ඩීපෝවට අයත් බස් රථයක් ඊයේ (15දා) සවස ගිනිතැබීමක් හේතුවෙන් එම බස්රථය මුළුමනින්ම විනාශයට පත් විය.
අනුරාධපුර පැරණි බස් නැවතුම්පළේ සිට තන්තිරිමලය දක්වා පිටත්වීමට තිබූ බස් රථයේ සිටි බීමත් පුද්ගලයෙකු එහි සිටි මගීන් සමග ඇති කර ගත් ආරවුලක් මත බසයට පෙට්රල් දමා ගිනිතැබීම සිදු කර ඇත.
බස් රථයට ගිනි තැබූ පුද්ගලයා අනුරාධපුර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, අනුරාධපුර පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.