රුපියල් බිලියන 39 ක වියදමින් ඉදිකළ කොට්ටාව කඩුවෙල අධිවේගී මාර්ගය මේ මස 08 වැනිදාත්, ගාල්ල මාතර අධිවේගී මාර්ගය මේ මස 15 වැනිදාත් ජනතා අයිතියට පත්කරන බව වරාය හා මහාමාර්ග ව්‍යාපෘති අමාත්‍ය නිර්මල කොතලාවල මහතා සඳහන් කළේය.
රුපියල් බිලියන 21 ක වියදමින් ඉදිකළ කිලෝමීටර් 10.5 ක දුරින් යුත් කොට්ටාව කඩුවෙල මාර්ගය ලබන වසර අවසන්වන විට කෙරවලපිටිය දක්වා දික්කිරීමට කටයුතු කරන බවත්, එහි පළමු අදියර ලෙස කිලෝමීටර් 29 කින් යුත් කඩුවෙල සිට කඩවත දක්වා වූ මාර්ගය සකස් කිරීම මේ වනවිට ආරම්භ කර තිබෙන බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.
මීට අමතරව මාර්තු 15 වැනිදා ජනතා අයිතියට පත්වන රුපියල් බිලියන 18 ක වියදමින් ඉදිකළ කිලෝමීටර් 30.8 කින් යුත් ගාල්ල - මාතර අධිවේගී මාර්ගය හම්බන්තොට දක්වා දික්කිරීමේ වැඩකටයුතු ඉදිරි මාස තුන තුළ ආරම්භ කරන බවද නිර්මල කොතලාවල මහතා සඳහන් කළේය.