බිම්ස්ටෙක් සමුළුවට ජනපති පැමිණෙයි
බහුආංශීය තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක ප්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් (BIMSTEC) තුන්වැනි රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා අද (3දා) දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපතිවරයා මියන්මාරය වෙත ළඟා වීය.
හෙට (4දා) මියන්මාරයේ නේ පී ටෝ හිදී පැවැත්වීමට නියමිත බිම්ස්ටෙක් සමුළුව බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන දකුණු හා අග්නිදිග ආසියානු රටවල් 7කින් සමන්විත කලාපීය හවුලකි.
එය ප්‍රථම වරට BIST-EC (බංග්ලාදේශය, ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ තායිලන්ත ආර්ථික සහයෝගීතාව) නමින් 1997 ජූනි 06 වැනිදා බැංකොක් හිදී ආරම්භ කරනු ලැබීය.
මියන්මාරයේ කම්කරු අමාත්‍ය ඌ අයි මින්ට්, නියෝජ්‍ය අමාත්‍යවරු වන ඌ ටින් වූ වින් සහ ඌ ටාන්ට් කියෝ, මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති එච්.ආර්.පියසිරි සහ ශ්‍රී ලංකාවේ මියන්මාර් තානාපති ඌ මින් තීන් සෑන් යන මහත්වරු විසින් ජනාධිපතිවරයා පිළිගනු ලැබීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

