හැටන් නගරයේ බිත්තර අලෙවි සැලක බිත්තර මිලදී ගැනීමට පැමිණි තරුණයෙකු එම අලෙවිසැල් අයිතිකරුගේ ජංගම දුරකථනය ඊයේ (09දා) පස්වරුවේ සොරාගෙන ගොස් ඇතැයි හැටන් පොලීසිය පවසයි.
රුපියල් පහළොස්දහසක් පමණ වටිනා තම දුරකථනය අස්ථානගත වී ඇතැයි දැනගත් අලෙවිසැල් හිමිකරු ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා කර බලා තිබේ.
එහිදී එම ජංගම දුරකථනය තම අලෙවි සැලට පැමිණෙන තරුණයෙකු විසින් සොරා ගන්නා ආකාරයක් පටිගතව ඇති බව දැක ඇති අතර, සිද්ධිය පිළිබඳ ඔහු හැටන් පොලීසියට පැමිණිලි කර තිබේ.