පාසල් අතර පැවැත්වෙන මහා ක්‍රිකට් තරග අතරතුර අශෝභන ලෙස හැසිරුණු පාසල් ශිෂ්‍යයන් 100 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන අවවාද කර මුදා හැර තිබේ.
අත්අඩංගුවට ගත් සිසුන් පිරිසට එල්ල වී ඇති චෝදනාවන් වන්නේ කාන්තා විද්‍යාලවලට බලහත්කාරයෙන් ඇතුල්වීම, මාර්ගයේ අශෝභන ලෙස හැසිරීම හා රථවාහනවලට බාධා කිරීමය.මෙම සිසුන් කොල්ලුපිටිය, බම්බලපිටිය, කුරුදුවත්ත පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගෙන අවවාද කර මුදා හැර ඇත.