ශ්‍රී ලංකාවේදී 2009 වසරේදී නිමාවට පත්වූ මානුෂීය මෙහෙයුමේ සිදු වූ දහස් සංඛ්‍යාත පුද්ගල ඝාතන පිළිබඳව කතා කීරීමට හා ඒ පිළිබඳව සොයාබැලීමට නොහැකිවීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇති පද්ධති ගැටලුවක් බව එහි මහලේකම් බෑං කී මූන් මහතා පවසයි.
රුවන්ඩාවේ සමූහ ඝාතනය සිදු වී ඊයේට (07දා) වසර විස්සක් පිරීම නිමිත්තෙන් ‘ද හින්දු’ පුවත් සේවයට විශේශ ලිපියක් ලියමින් බෑං කී මූන් මහතා ඉහත අදහස් ප්‍රකාශ කළේය.
“ශ්‍රී ලංකාවේ පැවැති මානුෂීය මෙහෙයුමේ අවසන් පරිච්ඡේදය වූ 2009 වසරේදී දහස් සංඛ්‍යාත පිරිසක් ජීවිතක්ෂයට පත්වූවා. ඒ ගැන කතා කිරීමට නොහැකිවීමත්, ක්‍රියාකිරීමට නොහැකිවීමත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවතින පද්ධති ගැටලුවක්” යැයි ඔහු වැඩිදුරටත් පවසයි.