හිටපු ආමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇප මත නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය අද (15දා) නියෝග කළාය.
දිවිනැගුම දෙපාර්තමේන්තුවේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා සමග අත්අඩංගුවට ගත් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ඇතුළු තිදෙනාද ඇප මත නිදහස් කිරීමටත් මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළාය.
එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප හා රැපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප හතරක් මත ඔවුන් නිදහස් කරනු ලැබීය.
සැකකරුවන්ට විදෙස් ගමන් තහනම් කළ විනිසුරුවරිය හැම මසකම අවසාන ඉරිදා කුරුඳුවත්ත පොලීසිය හමුවේ පෙනී සිටින ලෙසත් නියෝග කළාය.