මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති වූ විගස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජිතයින් 120ක් ඔහු හා එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
ඊයේ (18දා) අවිස්සාවෙල්ලේදී පැවැති රැළියක් අමතමින් හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේය. මෙහදී තවදුරටත් අදහස් දැක්වූ පාඨලී මන්ත්‍රීවරයා සඳහන් කළේ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයේ සිටි හෙයින් අනාගතයේදී ඔහුත් විපක්ෂයට එක්වේදැයි ෂුවර් නැති බවයි.
"මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගත් වහාම අද ඔය සිංහනාද නාගගෙන එතුමට අපහාස කරන අය ඔක්කොම එනවා එතුමා ගාවට. ඇවිල්ලා ඉල්ලනවා නායකත්වය භාරගන්න කියලා. ඕන්නන් ඔය නාමල් මහත්තයයි, චමල් මහත්තයයි, බැසිල් මහත්තයයි එන්නැතිව ඉඳියි. හැබැයි ඒකෙත් මට ෂුවර් නෑ බැසිල්. මොකද උන්නැහැ එදා යූඇන්පී, අද ශ්‍රී ලංකා හෙටත් යූඇන්පී වෙන්න බැරි නෑ. අපේ බැසිල් මහත්තයා එහෙමයි. අනිත් ඔක්කොම එහෙමයි. පාර්ලිමේන්තුවේ 120ක් අපේ මෛත්‍රීපාල ඇමතිතුමාට එනවා.
එතකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉන්නවා විපක්ෂයේ එතුමට තියෙනවා ආසන 43ක්. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එනවා ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයෙන් එනවා අගමැති අපි ඔක්කොමත් ඒකට යා වෙනවා. ආසන 170ක ස්ථාර ආණ්ඩුවක් රටට එනවා." යැයි හෙතෙම සඳහන් කළේය.