ක්ෂුද්‍ර මූල්‍ය ණය උපකරණ පිළිබඳව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට කිසිඳු දැනුමක් නොතිබූ නිසා සමෘද්ධි ඇතුළු ක්ෂුද්‍ර ණය අරමුදල් ඉතාමත් හොඳින් වර්ධනය වී තිබෙන බව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.
"වාසනාවට බැසිල් රාජපක්ෂ අමාත්‍යතුමාට මෙලොව සංසාර දෙයක් ඔය ක්ෂුද්‍ර ණය පිළිබඳව දන්නේ නැති නිසා, එහෙම ඉගෙන ගන්න ඕනකමකුත් තිබුණේ නැති හින්දා. අතවත් තිබ්බේ නෑ මේවට. ඒ නිසා මේ වා හොඳට වැවිලා තියෙනවා." යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පෙරේදා (28දා) බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතන ශ්‍රවණාගාරයේදී පැවැති ශ්‍රී ලංකා සිරකරු සුභසාධන සංගමයේ 99 වැනි සංවත්සර උත්සවයට සහභාගී වෙමිනි.
එසේම තමා සිරගතව සිටි කාලසීමාවේදී මාස දෙකක් පමණක් අසත්‍ය පසවා කොළඹ ජාතික රෝහලේ සිටිය බවද අමාත්‍යවරයා මෙහිදී අණාවරනය කළේය.