පූගොඩ ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට අද (06දා)කැඳවා තිබේ.
අදාළ ඉඩම් සම්බන්ධයෙන් පූගොඩ අධිකරණයේ නඩු කටයුත්තක් සිදුවන බවද වාර්තා වේ.මාතර, එළියකන්ද ප්‍ර‘දේශයේ අක්කර එක හමාරක පොල් ඉඩමක් මිලදීගැනීම සම්බන්ධයෙන් මාතර අධිකරණයේ පැවැත්වෙන අධිකරණ කටයුත්තකට ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පසුගිය 12 වැනිදා බැසිල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවනු ලැබිණි.
එහෙත් බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ඇප මත මුදාහැරිණි.