(UPDATE) 4.05 PM
මුදල් විශුද්ධීකරණ පනත යටතේ අත්අඩංගුවට ගැනෙනු හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇප මත නිදහස් කිරීමට පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. ඒ අනුව රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත හිටපු අමාත්‍යවරයා නිදහස් කරනු ලැබීය.
හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ගම්පහ ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අද (06දා) පෙරවරුවේ බැසිල් රාජපක්ෂ මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැදවා තිබූ අතර, එහිදී අත්අඩංගුවට ගෙන ඇති හෙතෙම පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බැසිල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් අත්අඩංගුවට ගත් තෙවැනි අවස්ථාව මෙය වෙන අතර මීට ඉහතදී ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත නිදහස් කර තිබේ.