මේ රටේ සිද්ධ වුණ ලොකුම හොරකම බැඳුම්කර වංචාව නෙමෙයි. බැඳුම්කර වංචාවත් වංචාවක්. හැබැයි ඒ හොරකමේ ගැන දන්නවා. අයකර ගත යුතු මුදල දන්නවා. හොරු ටික හිරේ දාගන්න පුළුවන්. නමුත් මහ දවාලේ ලොකුම හොරකම කරන්න යන්නේ මහින්ද මහත්තයා.* යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පැවසීය.
අනුරාධපුර, ඉපලෝගම - රණජයපුර ගම්මානයේ පැවති ජනහමුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහලේකම්වරයා,
& පෙබරවාරි මාසේ 10 වැනිදා උදේම ජන්ද මධ්‍යස්ථානයට ගිහින් ගම දියුණු කරන පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණ ඉදිරියේ කතිරය ගහලා ගම හදන ගම දියුණු කරන ශක්තිය ලබාගන්නා දවස බවට පත් කර ගන්න.
මේ මැතිවරණයට ප්‍රධාන පක්ෂ 04ක් තරග කරනවා. අත, අලියා, පොහොට්ටුව, සීනුව ලකුණින් මේ පක්ෂ 04 තරග කරනවා. මේ ලාංඡන අතරින් එක ලාංඡනයකට විතරයි ගම හදන්න පුළුවන්කම තියෙන්නේ. ගමට සංවර්ධනය ගේන්න පුළුවන්කම තියෙන්නේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයට පමණයි.
සීනුවට ගහන කතිරයට ගමට හයිය ගේන්න බෑ සීනුවට ජනාධිපතිවරයාගේ හයිය නෑ. ආණ්ඩුවේ බලයක් නෑ. පළාත් සභාවක හයියක් නෑ. එහෙම නම් ජනාධිපතිවරයා, ආණ්ඩුව, පළාත් සභාව නැතිව ප්‍රාදේශීය සභාවට විතරක් ගමට හයියක් ගේන්න බැරි වෙනවා. එහෙම නම් ජනතා විමුක්ති පෙරමුණට ගහන කතිරය ගම හදන, ගමට හයිය ගේන කතිරයක් බවට පත් වෙන්නේ. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ අලියට ගහන කතිරයෙන් ජනාධිපතිවරයාගේ ශක්තිය ගමට ගේන්න බෑ.
අපි මහින්ද මහත්තයාව බලයෙන් පහකරලා මෛත්‍රී මහත්තයා ජනාධිපති පුටුවේ වාඩි කෙරෙව්වේ මහින්ද මහත්තයාගේ රූපය හොඳ නැති නිසා නෙමෙයි. ඔහුගේ ක්‍රමය හොඳ නැති නිසයි. මහින්ද මහත්තයාගේ කාලයේ එකෙක් හොරකම් කළාම ඒකාව රැක්කා. දෙවැනියත් හොරකම් කරන්න පටන් ගත්තා. ඒකාවත් රැක්කා. තුන්වැනියත් හොරකම් කරන්න පටන් ගත්තා. ඒකාවත් රැක්කා. ඊළඟට ප්‍රාදේශීය සභා මන්ත්‍රීලත් හොරකම් කරන්න පටන් ගත්තා. පහුගිය කාළයේ අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කී දෙනෙක් පගා අරන් හිරේ ගියාද?. මුල සවුත්තු වුණාම අගත් සවුත්තු වුණා. පළමුවැනි වතාවෙම තීන්දුවක් ගත්තා නම් මෙවැනි වින්නැහියක් වෙන්නේ නැහැ.
මහින්ද රාජපක්ෂ මහත්තයා රට බේරාගත්ත නායකයා නිසා, අවුරුදු 10 ක් අපි එතුමා එක්ක හිටිය නිසා මේ වෙලාවේ එතුමාට පිටුපෑවොත් හොඳ නෑ කියලා සමහරු හිතනවා. මේ රටේ වෙච්ච, මේ රටේ වුණ ලොකුම හොරකම බැඳුම්කර වංචාව නෙමෙයි. බැඳුම්කර වංචාවත් වංචාවක් හැබැයි ඒ හොරකමේ ගාන දන්නවා. අයකර ගත යුතු මුදල දන්නවා. හොරු ටික හිරේ දාගන්න පුළුවන්. මහ දවාලේ ලොකුම හොරකම කරන්න යන්නේ මහින්ද මහත්තයා. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ අවංකකම, තමන්ගේකම, ළෙංගතුකම, අපේකම මහින්ද මහත්තයා මහදවාලේ හොරකම් කරන්න යනවා.
මහ බැංකු මංකොල්ලයේ ගාන අපිට අය කර ගන්න හරි පුළුවන්, හැබැයි මේ මනුස්සකම හොරකම් කරන එකේ වටිනාකම කීයද?. මේ අපේකම නැති කරන එකේ වටිනාකම කීයද?. ඒ නිසා මේ මහා දවාලේ හොරකම, මහ දවාලේ වංචාව කරන්න එපා කියලා අපි ඉල්ලීමක් කරනවා.
යුද්ධය අවසන් කළා කියලා අද කියනවා පක්ෂය දාලා පලයන් කියලා. අද කියනවා ගමට සංවර්ධනය ගෙන්න ගන්න එපා රැවටිලා අපි ගාවට එන්න කියලා. හෙට තමන්ගේ දෙයක් ඉල්ලුවොත් මොකද කරන්නේ.? තමන් පණ වගේ රකින කෙනෙක් ඉල්ලුවොත් දෙනවාද?. ඒ නිසා මේ විහිළුව දැන් ඇති. රට බේරලා දුන්නා කියලා ගමේ සංවර්ධනයට, දියුණුවට පයින් ගහන්න බෑ. දැන් සීනුවට, අලියට හා පොහොට්ටුවට ගම හදන්න බැරි වුණාට, අපි ආඩම්බරයෙන් කියනවා මෙච්චර කාලයක් ලයිට්, වතුර දීලා, පාර හදලා ගමේ සංවර්ධනයක් කළේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයයි. ඉදිරියට ඒ සංවර්ධනය කරන්න ශ්‍රීලංකා නිදහස් පක්ෂයට ගම බාර දෙන ලෙස ඉල්ලා සිටිනවා* යැයි ද පවසා සිටියේය.
තිසර සමල් - එප්පාවල