බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව හා බරපතළ වංචා පිළිබඳ කොමිෂන් සභා වාර්තාව සඳහා අද (06දා) පැවැති පාර්ලිමේන්තු විවාදයට සහභාගි නොවුණු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
විවාදයේදී ඒකාබද්ධ විපක්ෂයට අදහස් දැක්වීමට ප්‍රමාණවත් කාලයක් ලබා නොදුන් බැවින් තමන් එම අවස්ථාවට එක් නොවූ බවද හිටපු ජනාධිපතිවරයා පැවසීය.
විවාදයට සහභාගි වීමට තමන් සූදානම්ව සිටියද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා විසින් ඒකාබද්ධ විපක්ෂයට අවශ්‍ය කාලය වෙන්කර නොතිබුණු බවදහිටපුජනාධිපතිවරයා කීවේය.