බැඳුම්කර වංචාව වසා ගැනීම සඳහා රජය රාජපක්ෂවරු යොදා ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා මේ බව පවසයි.
මේ සතියේදී සිය මවවන ශිරන්ති රාජපක්ෂ මහත්මිය, සිය සොහොයුරන් වන යෝෂිත රාජපක්ෂ හා රෝහිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් ප්‍රකාශ ලබාගැනීම සඳහා කැඳවා ඇතැයිද ඔහු පවසයි.