මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ සහ පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේනගේ ජංගම දුරකථන සහ වෙනත් ඩිජිටල් උපකරණවල තොරතුරු ඔවුන්ගේ නීතීඥවරුන් සහ නීතීපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙකු ඉදිරියේ ලබාගැනීමට බැඳුම්කර කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා අද (14දා) නියම කළේය.
කොමිසමේ සාක්කි විභාග කරන අතුරතුර කොමිසම ඇමතූ එහි සභාපති විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා එලෙස නියම කළේය.
2015 පෙබරවාරි මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.
බැඳුම්කර කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා කොමිසම අමතමින් දෙපාර්ශ්වයේම නීතීඥ මහත්වරුන් ඉදිරිපත් කළ ඇයැදුම්පත්වලට අදාළ අර්ජුන් මහේන්ද්‍රන්ගේ සහ කසුන් පළිසේනගේ ඩිජිටල් උපකරණ තොරතුරු ලබා ගන්නා ලෙස නියම කළේය.
මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ සහ පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන යන මහත්වරුන්ගේ ජංගම දුරකථන සහ වෙනත් ඩිජිටල් උපකරණවල තොරතුරු ඔවුන්ගේ නීතීඥවරන් ඉදිරියේ ලබාගත යුතු බවත්, ඒ අවස්ථාවේදී නීතීපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙකුද එහි සිටිය යුතු බවත් කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා දැනුම් දුන්නේය.
මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ සහ පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන යන මහත්වරුන්ගේ ජංගම දුරකථන සහ වෙනත් ඩිජිටල් උපකරණවල තොරතුරු ලබාගත් අවස්ථාවේදීම දෘඩ තැටි තුනකට බහා කොමිසමේ ලේකම්වරයාට ඉදිරිපත් කළ යුතු බවද කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා වැඩිදුරටත් දැනුම් දුන්නේය.
මෙම ක්‍රියාවලිය විඞීයෝගත කිරීම තහනම් බව දැනුම් දුන් සභාපති විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා අදාළ පුද්ගලයන්ගේ සාක්කි විමසීමෙන් අනතුරුව එම ජංගම දුරකථන සහ අදාළ ඩිජිටල් උපකරණ සියල්ලම යළි ඔවුන්ට බාරදිය යුතු යැයිද දැනුම් දුන්නේය.
මනෝප්රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ